ගංජා ප්‍රවාහනය කළ කාන්තාවක් දැලේ

කිලිනොච්චියේ සිට ත්‍රීකුණාමලයට කේරල ගංජා ප්‍රවාහනය කළ කාන්තාවක් අත්අඩංගුවට

by Staff writer 08-09-2020 | 1:59 PM
COLOMBO (News 1st) - කිලිනොච්චියේ සිට ත්‍රීකුණාමලය දක්වා කේරල ගංජා ග්‍රෑම් 500ක් රැගෙන ආ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ. අප වාර්තාකරු පැවසුවේ ත්‍රීකුණාමලය විෂ මත්ද්‍රව්‍ය ඒකකය විසින් මෙම වැටලීම සිදු කරනු ලැබ තිබෙන බවයි. අදාළ කාන්තාව මගී බස් රථයකින් මෙම ගංජා තොගය ප්‍රවාහනය කර තිබේ. තවත් පුද්ලයෙක්, පුද්ගලයින් දෙදෙනෙකුට ලබා දෙන අවස්ථාවේ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව පොලීසිය පවසන ලදී. අත්අඩංගුවට ගත් සැකකාරිය කිලිනොච්චි ප්‍රදේශයේ පදිංචිකාරිනියකි. සැකකාරිනිය අද ත්‍රීකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.