ලිංගික අල්ලස් ඉල්ලූ පොලිස් නිලධාරියෙකු රිමාන්ඩ්

කාන්තාවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ පොලිස් නිලධාරියෙකු රිමාන්ඩ්

by Staff writer 08-09-2020 | 2:17 PM

COLOMBO (News 1st) - කාන්තාවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලීමේ චෝදනාව යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ උප පොලිස් පරීක්ෂකවරයෙකු ලබන 22වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය අද නියෝග කළේය.

ඒ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ නඩුව අද කැඳවමින්ය. නඩු කටයුත්තකට අදාල ලේඛනයක පිටපතක් ලබා දීමට, එකී අල්ලස ඉල්ලා තිබූ සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා පැමිණිලිකාර කාන්තාව සමග හොරණ ප්‍රදේශයේ නවාතැන්පොළක රැඳී සිටියදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් පසුගිය 26 වැනිදා අත්අඩංගුවට ගෙන තිබුණි.