මත්ද්‍රව්‍ය සමග 5 ක් වස්කඩුවේදී අත්අඩංගුවට

අයිස්, කේරල ගංජා ඇතුළු මත්ද්‍රව්‍ය සමග 5 දෙනෙකු වස්කඩුවේදී අත්අඩංගුවට

by Staff writer 08-09-2020 | 9:06 AM

COLOMBO (News 1st) - අයිස්, කේරල ගංජා ඇතුළු මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 5 දෙනෙකු කළුතර, වස්කඩුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, වස්කඩුව ප්‍රදේශයේ ආපනශාලාවක කළ වැටලීමකිනි. පොලීසිය පැවසුවේ, එහි තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 14 යි මිලිග්‍රෑම් 200, කේරල ගංජා ග්‍රෑම් 22 ක්, ගංජා ගසක්, මත්ද්‍රව්‍ය පානයට යොදා ගන්නා උපකරණ දෙකක්, මුදලින් රුපියල් 64,000 ක් සහ ත්‍රිරෝද රථයක් සිය භාරයට ගත් බවය. සැකකරුවන් අවුරුදු 20,27,30 සහ 37 යන වයස්වන පසුවන වස්කඩුව ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ. ඔවුන් අද කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.