by Staff writer 08-09-2020 | 6:12 PM
COLOMBO (News 1st) : අන්දමන්ද දූපත්වලට ගසා ගෙන ගිය ශ්‍රී ලාංකික බහුදින යාත්‍රාවේ සිටි ධීවරයින් 06 දෙනා මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇති බව ධීවර දෙපාර්තමේන්තුව පවසයි.
ධීවර දෙපාර්තමේන්තුවේ සෝදිසි මෙහෙයුම් අංශයේ සහකාර අධ්‍යක්ෂ පද්මප්‍රිය තිසේරා මහතා සඳහන් කළේ, ඔවුන් ගමන් ගත් ධීවර යාත්‍රාවට හානි සිදුව ඇති බවයි.
එය අලුත්වැඩියා කිරීම සඳහා ඒජන්තවරයෙකු ද පත්කර ඇතැයි තිසේරා මහතා සඳහන් කළේ ය.
එම යාත්‍රාවේ සිටි ධීවරයින් 06 දෙනා අන්දමන් දූපත්වල මේ වනවිට රඳවා සිටී.
එහෙත් එම ධීවර යාත්‍රාව අලුත්වැඩියා කිරීමට ඉන්දියාව අවසර ලබා දී නොමැති බව සහකාර ධීවර අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළේ ය.
මෙම ධීවරයින් පිරිස කුඩාවැල්ල ධීවර වරායෙන් මුහුදු ගොස් තිබේ.