කොරෝනා හමුවේ වැසුණු පාසල් අද සිට සමාන්‍ය පරිදි

අද සිට සියලු රජයේ පාසල් සාමාන්‍ය පරිදි විවෘත කෙරේ

by Staff writer 08-09-2020 | 8:15 AM

COLOMBO (News 1st) - අද සිට සියලු රජයේ පාසල්වල 1 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා සිසුන්ට සාමාන්‍ය පරිදි පාසල් විවෘත කෙරේ.

පෙරවරු 7.30 සිට පස්වරු 1.30 දක්වා සාමාන්‍ය වේලාව අනුව පාසල් පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පැවසීය. කොරෝනා වසංගත තත්ත්වයත් සමග ලබා දුන් අතුරු නිවාඩුව අවසන් කරමින් පසුගිය අගෝස්තු 10 වැනි දා සිට සියලු රජයේ පාසල්වල අධ්‍යයන කටයුතු අදියර කිහිපයක් යටතේ යළි ආරම්භ කෙරිණි. ඒ අනුව, 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා සිසුන්ට පසුගිය 2 වැනි දා සමාන්‍ය පරිදි පාසල් විවෘත කෙරිණි. තවද අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ලබන මස 12 වැනි දා ආරම්භ වන අතර නොවැම්බර් මස 6 වැනි දා තෙක් පැවැත්වේ. මේ වනවිට 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ලබන මස 11 වන ඉරිදා පැවැත්වීමට දින නියම කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. 2020 වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සමාන්‍ය පෙළ විභාගය පවත්වනු ලබන්නේ, ලබන වසරේ ජනවාරි 18 වැනි දායි. එය ජනවාරි මස 27 වැනි දා තෙක් පැවැත්වේ.