තේ කර්මාන්තය නගා සිටුවීම පැතිකඩ කිහිපයක් ඔස්සේ සිදුවිය යුතුයි – ජනපති

තේ කර්මාන්තය නගා සිටුවීම පැතිකඩ කිහිපයක් ඔස්සේ සිදුවිය යුතුයි – ජනපති

තේ කර්මාන්තය නගා සිටුවීම පැතිකඩ කිහිපයක් ඔස්සේ සිදුවිය යුතුයි – ජනපති

කර්තෘ Staff writer

08 Sep, 2020 | 7:36 am

COLOMBO (News 1st) – බරපතළ පසුබෑමකට ලක්ව ඇති තේ කර්මාන්තය නගා සිටුවීම පැතිකඩ කිහිපයක් ඔස්සේ සිදුවිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර තිබේ.

ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ, කර්මාන්තයේ බිඳ වැටීමට හේතු වූ සාධක හඳුනාගෙන ලෝක වෙළෙඳපොළෙහි ශ්‍රී ලංකා තේ සඳහා තිබූ ඉහළ ඉල්ලුම නැවත අත්කර ගැනීම ඉලක්ක විය යුතු බවය.

සමාගම් වතු ප්‍රතිසංස්කරණ, තේ වතු ආශ්‍රීත බෝග වගා, තේ කර්මාන්තශාලා නවීකරණය හා තේ අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳ ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව පැවසීය.

පාඩු ලැබීමට සහ අකර්මණ්‍ය හේතු කෙටි කලකදී හඳුනාගෙන ස්ථීර විසඳුම් දෙන්නැයි, ජනාධිපතිවරයා එහිදී උපදෙස් දී තිබේ.

ජනාධිපතිවරයා වැඩිදුරටත් උපදෙස් දුන්නේ, පාඩු ලබන වතු සමාගම් නියාමනය ව්‍යාපෘතියක් ලෙස කුඩා තේ වතු හිමියන්ට පවරා සක්‍රීය කරන ලෙසය.

තේ කර්මාන්තය නගා සිටුවීම පැතිකඩ කිහිපයක් ඔස්සේ සිදුවිය යුතුයි – ජනපති

තේ කර්මාන්තය නගා සිටුවීම පැතිකඩ කිහිපයක් ඔස්සේ සිදුවිය යුතුයි – ජනපතිRead More: https://bit.ly/3jYHB3Q#lka #News1st #GR #GotabayaRajapaksa #ULM

Posted by Newsfirst.lk on Monday, September 7, 2020

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]