New Diamond නෞකාවේ පාලනය කළ ගින්න නැවතත් – නාවික හමුදාව

New Diamond නෞකාවේ පාලනය කළ ගින්න නැවතත් – නාවික හමුදාව

කර්තෘ Staff writer

07 Sep, 2020 | 6:31 pm

COLOMBO (News 1st) : අයහපත් කාලගුණික තත්ත්වයත් සමග හටගත් අධික සුළං ප්‍රවාහය නිසා New Diamond නෞකාවේ පාලනය කර තිබූ ගින්න නැවතත් හටගෙන තිබෙන බව නාවික හමුදාව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

නාවික හමුදාව සඳහන් කළේ , ආපදාවට පත්වූ නෞකාව සංගමන්කන්ද තුඩුවට නාවික සැතපුම් 30 කට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ මේ වනවිට පවතින බව ය.

ගින්න පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව, ගුවන් හමුදාව, ඉන්දීය නාවික හමුදාව, ඉන්දීය වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව ඇතුළු පාර්ශවකරුවන්ට අයත් නෞකා, ගුවන් යානා සහ ටග් යාත්‍රා යොදා ගනිමින් කඩිනමින් කටයුතු කරමින් සිටී.

ආපදා කළමනාකරණ කණ්ඩායම් ඊයේ සවස ගින්න පාලනය කිරීමෙන් පසු ගින්න වැළැක්වීමට දහන අපෝෂක රසායනික ද්‍රව්‍ය හා ජලය යොදා ගනිමින් සිදු කළ ආපදා කළමනාකරණ මෙහෙයුම අඛණ්ඩව සිදු කළ බව නාවික හමුදාව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටක් සඳහන් විය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]