මුජිබර් රහුමාන් ජනාධිපති කොමිසමට

21 ත්‍රස්ත ප්‍රහාරය : මුජිබර් රහුමාන් හෙළි කළ දේ..

by Staff writer 07-09-2020 | 10:33 PM

COLOMBO (News 1st) : හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමන් මහතා අද අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකයට පැමිණියේ ය.

ඒ, එම ඒකකය කළ කැඳවීමකට අනුව ප්‍රකාශයක් ලබා දීම සඳහා ය. සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා
මේ මෙහෙයුමේ හිටපු කාන්තාවක් අද වෙනකොට මේ රටින් පිටුවහල්වෙලා කියලා මාධ්‍යවල පළ වුණා. විශේෂයෙන්ම සාරා කියන ඒ කාන්තාව. ඉතින් එයාවත් ගෙන්වා ගන්න ඔ්නේ ලංකාවට . එයා ඉන්දියාවේ ඉන්නවා කියලත් යම් යම් මාධ්‍යවල පළ වුණා. ඉතින් එයාව ගෙන්නාගත්තානම් මේකේ සියලු සුළ මුල කවුද මේක පිටිපස්සේ හිටියේ, මොන පරමාර්ථයෙන්ද මේක කළේ, මේක කාගේ උවමනාවට වෙච්ච දෙයක්ද? කියන සියලු දෙවල් හොයගන්න පුලුවන් ඉතින් එකත් මම කියලා ආවා. මාධ්‍යවේදී ප්‍රශ්නය ඒ කාත්තාව පිට කරලා තියෙන්නේ ඔබතුමාගේ ආණ්ඩුවේ හිටපු ඇමතිවරයෙක්නේ. මල්ලි කෙනෙක්නේ
මුජුබර් රහුමාන් මහතා
නෑ නෑ . ඇමතිවරයෙක්ගේ මල්ලි කෙනෙක් කවුරුත් නෙවෙයි. දැන් ඒ කාන්තාව පිටුවහල් කරන්න උදව් කරයි කියන පොලිස් නිලධාරීයත් දැන් පොලිස් අත්අඩංගුවේ ඉන්නවා. දැන් තියෙන්නේ වහාම ඉන්දියන් ආණ්ඩුවට කියලා ඉන්දියාවේ ඉන්නවා නම් එයාව ලංකාවට ගෙන්නගේන එයාගෙන් සුළ මුල දැනගන්න පුළුවන්.