'හයිෂෙන්': විශාල පිරිසකට ඉවත් වන්නැයි දැනුම් දීමක්

'හයිෂෙන්' බලපෑම එල්ලවිය හැකි මිලියන 8ක ජනතාවකට ඉවත් වන්නැයි දැනුම් දීමක්

by Staff writer 07-09-2020 | 8:35 AM

COLOMBO (News 1st) - හයිෂෙන් සුළි කුණාටුවෙන් ජපානයට දැඩි බලපෑම් එල්ල වී ඇති බව වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ජපානයේ ගුවන් ගමන් සහ උමං දුම්රිය සේවා ද තාවකාලිකව අත්හිටුවා ඇති බවයි. හයිෂෙන් සුළි කුණාටුවෙන් බලපෑම් එල්ලවිය හැකි ප්‍රදේශවල මිලියන 8 ක ජනතාවකට ඉන් ඉවත්වන ලෙස එරට බලධාරීන් දැනුම් දී තිබේ.