හම්බන්තොට රජයේ ඉඩම් අල්ලන පිරිසක්

හම්බන්තොට මහා පරිමාණයෙන් රජයේ ඉඩම් අල්ලන පිරිසක්

by Staff writer 07-09-2020 | 7:58 PM

COLOMBO (News 1st) : හම්බන්තොට දිස්ත්‍රික්කයේ මහා පරිමාණයෙන් රජයේ ඉඩම් අල්ලන පිරිස් ගැන අද පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී සාකච්ඡාවට ලක්විය.

දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම අද පැවැත්වුණේ දකුණු ආණ්ඩුකාර විලී ගමගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය උපුල් ගලප්පත්ති යන මහත්වරුන්ගේ සම සභාපතිත්වයෙනි. චමල් රාජපක්ෂ මහතා , නාමල් රාජපක්ෂ මහතා , මහින්ද අමරවීර මහතා යන අමාත්‍යවරුන් මෙන්ම දකුණු පළාතේ රාජ්‍ය ආයතන ප්‍රධානීන්ද මීට එක්ව සිටිය හ. හම්බන්තොට දිස්ත්‍රික්කයේ අලි - මිනිස් ගැටුම සම්බන්ධයෙන් හම්බන්තොට ප්‍රාදේශීය සභාවේ සභාපති අනුර සමරගුණරත්න මහතා ඉදිරිපත් කළ ප්‍රශ්නයක් හේතුවෙන් රැස්වීමේදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. වනජීවී දකුණු පළාත් සහකාර අධ්‍යක්ෂ චන්න සුරවීර මහතා
මේ සත්තුන්ට ගමන් කරන්න පුළුවන් වෙන්න මිනිස්සුන්ට හානියක් නොවන විදියට ඒක එහෙම කරන්නේ නැති තාක්කල් මේ ප්‍රශ්නය විසදන්න බෑ. අන්තිමට මේ ප්‍රශ්නය වනජීවී දෙපාර්තමේන්තුවටත් ප්‍රාදේශීය ලේකම්තුමාලට අපි ඔක්කෝටම තමා වදේ වෙන්නේ. අහිසංක මිනිස්සු තමා මේකෙන් දුක් විදින්නේ. විශේෂයෙන්ම අලි ගමන් කරන්නෙ බොහෝවිට ඒ ගොල්ලන්ට නිදහසේ ගමන් කරන්න පුළුවන් ප්‍රදේශවල විතරයි. හොඳම උදාහරණය තමා මේ අවුරුද්දේ මාර්තු මාසෙ ඉදන් ජූනි මාසෙ වෙනකන් එක අලි මරණයක් තිබුණේ නෑ. එක මිනිස් මරණයක් තිබුණේ නෑ. මිනිස්සු මිනිස්සුන්ගෙ සීමාවේ හිටියා. සත්තු සත්තුන්ගෙ සීමාවේ හිටියා. කොටස් ටික හරියට හදුනගෙන සත්තුන්ට යන්න පුලුවන් ප්‍රදේශයක් ඊළඟට මිනිස්සු අපි ඉන්න ඕන කොහෙද කියන එකත් මිනිස්සු සමහරවිට කැලෑ මැද ඉන්නවා නම් ඒවා වට කරලා විදුලි වැටක් ගහලා ඒගොල්ලන්ට ආරක්ෂාව ලබා දෙන්න පුළුවන්. ඊළඟට සත්තුන්ට යන මාර්ග ටික පැහැදිලි කරලා දුන්නොත් අඩු ගානෙ ඒගොල්ලන්ට මීටර් 500ක කෑල්ලක් හරි මාරුවෙන්න දෙනවා නම් දෙන්න පුළුවන් ඒගොල්ලන්ට යන්න පුළුවන්. වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා දැන් හඳුනාගත්ත ප්‍රදේශවලට මොනාහරි සලකුණක් යොදනවාද ?
චන්න සුරවීර මහතා
සලකුණු කරලා තියෙන්නේ. සලකුණු කළාට ඇමති තුමනි අපිට කරන්න බැරි මේක මහා පරිමාණයේ අල්ලා ගැනීම් තියෙනවා. ඒක නීත්‍යානුකූල නොවන අල්ලා ගැනීම්තියෙනවා. එතකොට එහෙම වෙච්චම ඒ ප්‍රශ්නෙ හින්ද තමයි. ප්‍රශ්නය ඒවා අයින් කරන්න. එළිෆන්ට් කොරිඩෝස් ටික අල්ලාගෙන ඉන්නවා නම් සම්පුර්ණ පියවර ගන්න ඕනේ.
පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා
හැබැයි මිනිස්සු වගා කරපු ඉඩම්වල අයිතිය දෙන්න ඕනේ. චන්න සුරවීර මහතා හරියට ගිහිල්ලා ගොවි සංවිධානවල පුද්ගලයොත් එක්ක කතා කරොත් ඒ පුද්ගලයෝ කියයි කොයි වාගේ තත්ත්වයක්ද ඇති වෙලා තියෙන්නේ කියලා. නමුත් හඩ විදියට ඉදිරියට එන්නේ බිම් මට්ටමේ අයගේ හඩ නෙවෙයි. මත්තල තියෙන ඉඩම්වල කිසිම අයිතියක් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට නෑ. ඔක්කෝම ඉඩම් මහවැලියේ සහ වන සංරක්ෂණ දෙපාර්තමෙන්තුව යටතේ. ඉතින් ඒවාගේ ඒවාට අපිට කටයුතු කරන්න බෑ. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ තියෙන ඉඩම්වල කිසි විදියකට එහෙම අල්ලගන්න අපි දීලා නෑ.