හන්තාන කඳුවැටියේ කොටසක් ගිනි තබයි

හන්තාන කඳුවැටියේ කොටසක් ගිනි තබයි

by Staff writer 07-09-2020 | 7:04 PM

COLOMBO (News 1st) : හන්තාන කඳුවැටියේ බටහිර බෑවුමේ ජනතා වතු සංවර්ධන මණ්ඩලයට පරිපාලන බලය හිමි භූමියේ කොටසක් කිසියම් පිරිසක් විසින් වැටවල් ඉදිකර වෙන් කර තිබේ.

එහි කොටසක් ගිනි තබා විනාශ කර ඇති අයුරු ද දක්නට ලැබුණි. හන්තාන කළමනාකරණ කමිටු සාමාජික අමිත් සේනානායක මහතා
2010 පෙබරවාරි 17 වැනිදා නිකුත් කළ 16යි 41 කියන අති විශේෂ ගැසට් පත්‍රයෙන් පාරිසරික සහ නියාමනය කිරීමේ බලය මධ්‍යම පරිසර අධිකාරියට. කිසියම් පිරිසක් සංවිධානාත්මකව මෙහි ඉඩම් අත්පත් කිරීමේ මුවාවෙන් මේ පාරිසරික පද්ධතිය ගිනි තබමින් ඉන්නවා. ප්‍රශ්නය තියෙන්නේ මේක මධ්‍යම පරිසර අධිකාරියට කළමනාකරණය සහ නියාමනය කිරීමේ බලය ලැබිලා තියෙද්දිත් ඔවුන් මේ සම්බන්ධයෙන් කළමනාකරණය කරන්නෙත් නැහැ. ඊළඟට අනිකුත් ආයතන ජනතා වතු සංවර්ධන මණ්ඩලය හෝ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව, ඔවුන්ට හිතුමතේ හිතුවක්කාර ලෙස මේ වනවිට ඉඩම් බැහැර කිරීම් සිද්ධ කරනවා. එහි ප්‍රතිඵලයක් ලෙස මේ සියලු සිද්ධි සිද්ධ වෙමින් තියෙන්නේ. මධ්‍යම පළාත් පරිසර සංරක්ෂණ එකමුතුවේ සාමාජික මහීල් බණ්ඩාර මහතා පරිසරය විනාශ කරනවා කියන්නේ සංවිධානාත්මක අපරාධයක් වගේ තමයි. මේ නැතිවෙන්නේ අපිට හුස්ම ටික අපිට තියෙන ජලය තමයි මේ නැතිවෙන්නේ අපේ ජීවිත තමයි පරිසර විනාශයෙන්. පරිසරය විනාශ වෙනකම් ඇස් වහගෙන හිටපු නිලධාරින්ට නීතිය ඉදිරියේ එක හා සමානව දඩුවම් කරන ලෙස ඉල්ලා සිටිනවා.