රාජිත සේනාරත්න ඇතුළු තිදෙනෙකුට සිතාසි

රාජිත සේනාරත්න ඇතුළු තිදෙනෙකුට සිතාසි

by Staff writer 07-09-2020 | 3:36 PM

COLOMBO ( News 1st ) : හිටපු ධීවර අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතාට, වරාය නීතිගත සංස්ථාවේ සභාපති උපාලි ලියනගේ සහ එම සංස්ථාවේ හිටපු කළමනාකරණ අධ්‍යක්ෂ නීල් රවින්ද්‍ර මුණසිංහ නැමැති විත්තිකරුවන් තිදෙනාට ලබන ඔක්තෝම්බර් 29 වැනිදා මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි යැවීමට කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා අද නියෝග කළේ ය.

රාජිත සේනාරත්න මහතා ධීවර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ මෝදර ධීවර වරාය ඉතා අඩු මුදලකට පෞද්ගලික සමාගමකට බදු පදනම මත ලබාදීමෙන් රජයට අති විශාල පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් හා දුෂණ විමර්ශන කොමිෂන් සභාව පවරා ඇති නඩුව එදිනට කැඳවීමට තිරණය කළ විනිසුරුවරයා එම නියෝගය කර තිබේ. 2014 අගෝස්තු 01 වැනිදා සහ 2014 නොවැම්බර් 01 අතර කාලය තුළදී රජයට පාඩුවක් සිදුවන බව දැනගෙනම පෞද්ගලික සමාගමකට මෝදර ධීවර වරාය අඩු මුදලකට බදු දීමෙන් අල්ලස් පනත යටතේ සහ ලංකා දණ්ඩනීති සංග්‍රහය යටතේ ගැනෙන වැරදි සිදු කළේ යැයි චෝදනා නගා තිබේ.