බස් රථයක් අඩි 250ක ප්‍රපාතයකට පෙරළෙයි

යටියන්තොටදී බස් රථයක් අඩි 250ක ප්‍රපාතයකට පෙරළෙයි

by Staff writer 07-09-2020 | 3:53 PM

COLOMBO (News 1st) : යටියන්තොට, හල්ගොල්ල වත්ත ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී තිබේ.

මෙසේ අනතුරට ලක්ව තිබෙන්නේ යටියන්තොට, හල්ගොල්ල වත්තේ සිට අවිස්සාවේල්ල කර්මාන්තපුරයේ ඇඟලුම් කම්හලකට සේවකයින් ප්‍රවාහනය කරන බස් රථයකි.

බස් රථය අඩි 250 ක පමණ ප්‍රපාතයකට පෙරළී තිබේ. අදාළ අනතුර වන අවස්ථාවේ බස් රථයේ රියැදුරු පමණක් සිට ඇති අතර ඔහු බරපතල තුවාල ලබා තිබේ. අප වාර්තාකරු පැවසුවේ ඔහු මේ වනවිට කරවනැල්ල මුලික රෝහලට ඇතුළත් කර ඇති බවයි.