පළාත් සභා ගැන විවිධ මත

පළාත් සභා ගැන විවිධ මත

by Staff writer 07-09-2020 | 8:35 PM

COLOMBO (News 1st) : පළාත් සභා අහෝසි කළ යුතු බවට ආණ්ඩු පක්ෂයේ පාර්ශව මතුකරන අදහසට විරුද්ධව ආණ්ඩුවේම පාර්ශව මේ වනවිට විවිධ විවේචන එල්ල කරමින් සිටී.

පළාත් සභා අවශ්‍ය බවට පොදුජන පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් පිරිසක් අදත් ප්‍රකාශ කළේ ය. සබරගමු පළාත් සභාවේ හිටපු පළාත් සභා මන්ත්‍රී අජිත් ශාමින්ද මහතා
ග්‍රාමීය ජනතාවගෙන් යැව්වොත් පළාත් සභාව තමයි ජනතාවට සමීපම ආයතනය. හාමුදුරු කෙනෙක්ගෙන් ගමේ ප්‍රභූ කෙනෙකුගෙන් ඇහුවොත් කියයි පාර්ලිමේන්තුවට වඩා සමීප ආයතනය පළාත් සභාව කියලා. කොළඹ සීතල කාමරවල ඉන්න අයට මේක අවශ්‍ය නොවුණට පළාත් සභාව කියන එක අත්‍යවශ්‍ය ආයතනයක් බවට අද රටේ ජනතාව පිළිඅරන් තියෙනවා. විශේෂයෙන් ගමේ ජනතාව පිළිඅරන් තියනවා. අපේ ආණ්ඩුවේ පළාත් පාලන රාජ්‍ය ඇමතිකම ගත්තු පුද්ගලයාම මේ පළාත් සභාව එපා කියන එක විට එ වැනි හාස්‍යයට ලක්කරන කරුණක් තවත් නෑ. එයාට පුළුවන් නං ගමේ ඇවිල්ල මේක කියන්න කියන්න.
මහජන එක්සත් පෙරමුණේ කෑගල්ල දිස්ත්‍රික් සංවිධායක අනුර කුමාර තෙන්නකෝන් මහතා මේ පළාත් සභා මැතිවරණය තවදුරටත් කල් අරින එක විවිධ අයගේ පෞද්ගලික මතවලට ඉඩ දෙමින් කල් අරින එක සුදුසු දෙයක් නෙවෙයි ලංකා සමසමාජ පක්ෂයේ යටියන්තොට ආසන සංවිධායක අශෝක රාජපක්ෂ මහතා
මේ රජය පත්වීමත් සමගම මේ රජය මගින් පත් කරපු පළාත් සභා විෂය භාර රාජ්‍ය ඇමතිතුමා ප්‍රකෘති තත්ත්වයට පත් කරපු ජනතා මතය විකෘති තත්ත්වයට පත් කරන්න යම් උත්සාහයක් දරමින් ඉන්නවා මේ වකවානුව වනවිට. ඒක අපි තරයේ හෙළා දකිනවා.