නවදිල්ලිහී මෙට්‍රෝ දුම්රිය සේවය යළි ඇරඹේ

නවදිල්ලි අගනුවර මෙට්‍රෝ දුම්රිය සේවය අද සිට යළි ඇරඹේ

by Staff writer 07-09-2020 | 10:50 AM

COLOMBO (News1st) :නවදිල්ලි අගනුවර මෙට්‍රෝ දුම්රිය සේවය අද සිට යළි ඇරඹේ

ඉන්දියාවේ නවදිල්ලි අගනුවර මෙට්‍රෝ දුම්රිය සේවය අද සිට යළි ඇරඹේ.

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් මෙම දුම්රිය සේවාව අවලංගු කෙරුණේ ඉකුත් මාර්තු මාසයේදීය. මේ අතර ඉන්දියාවේ බෙංගලූරූ නගරයේ කොරෝනා ආසාදනය වී සුවවූ අයෙකුට යළි එම වෛරසය ආසාදනය වී තිබේ. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, 27 හැවිරිදි මෙම කාන්තාවගේ සිරුරේ කොරෝනා වෛරසයට එරෙහි ප්‍රතිදේහ නිපදවී නොමැති බවය . කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් නවදිල්ලියේ නිවෙස් තුළට වී නිරෝධායනය වන පුද්ගලයන් සංඛ්‍යාව ඉකුත් දින 16 තුළ සියයට 80 ක ප්‍රතිශතයකින් ඉහළ ගොස් තිබෙන බව ඉන්දීය මාධ්‍ය පවසයි. මේ අතර කේරල ප්‍රාන්තයේ මුදල් අමාත්‍ය තෝමස් අයිසැක් හට ද කොරෝනා ආසාදනය වී තිබේ.