කොමිෂන් කන්නද? - අධිකරණ ඇමති

කොමිෂන් කන්නද? - අධිකරණ ඇමති

by Staff writer 07-09-2020 | 7:36 PM

COLOMBO (News 1st) : 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන දැන් පුළුල් සංවාදයක් රට තුළ නිර්මාණය වී තිබේ.

කෙටුම්පත සකස් කිරීමට මූලිකත්වය දුන් අධිකරණ අමාත්‍යවරයා කළුතරදී මේ පිළිබඳව පැහැදිලි කළේ ය.
අපි මේ ඇවිල්ලා ඉන්නේ වැඩ කරන්න මිසක් සංශෝධන කර කර අලුතින් පොත් ලියන්න නෙවෙයි. දහනම වැනි සංශෝධනය උස්සගෙන ආවා දැන් ඒක ඉවත් කරනවා. ඇයි ඉවත් කරන්නේ? වැඩ කරන ජනාධිපතිතුමාට වැඩ කරන්න පුළුවන් පරිසරයක් නිර්මාණය කරලා දෙන්න. පොලිස් කොමිසමට බලය දුන්නා දහනව වැනි සංශෝධනයෙන් අලුත් කොමිසම් ගෙනාවා. මොනවාද ඒකෙන් බලාපොරොත්තු වුණේ. අපරාධ අඩුවෙන්න ඕනේ එහෙම නේද? අපරාධ අඩු වුණාද ? වැඩි වුණාද ? 2015දී කුඩු පරික්ෂා කිරීම සඳහා ආවා 6700ක්, 2016 දී 7900 ක් වුණා. 2018 දී 11,000ක් වුණා, 2018 වසරේදී 12,000 ක් වුණා, ගිය අවුරුද්දේ 16,000ක් වුණා. මේ වසරේ මේ වෙද්දි 14,000ක් වෙලා එහෙනම් කොමිසන් තියලා වැඩක් තියෙනවද? කොමිසන් ද ඕනේ අපරාධ නතර කරන්න ද ඕනේ? ඒ හින්ද තමයි අපි කල්පනා කරලා තියෙන්නේ කොමිෂන් ඇති රිපෝට් හදලා හදලා යවලා වැඩක් නෑ.මේ කොමිෂන් කන්නද?