වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

අත්තනගලු ඔයේ පහළ ද්‍රෝණියේ සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකියි - වාරිමාර්ග දෙපාර්තමේන්තුව

by Staff writer 07-09-2020 | 5:02 PM

COLOMBO (News 1st) : අත්තනගලු ඔයේ පහළ ද්‍රෝණියේ ඇතැම් ස්ථානවල අද රාත්‍රී කාලයේදී සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ සුගීශ්වර සීනිපැල්ලගේ මහතා සඳහන් කළේ, විශේෂයෙන් ගම්පහ - ජා ඇල මාර්ගය , කිරිඳිවිට - ගනේමුල්ල මාර්ගය හා කිරිඳිවිට අවට ස්ථාන කිහිපයකදී ජලයෙන් යටවිය හැකි බවයි.