by Staff writer 07-09-2020 | 11:31 AM
COLOMBO (News 1st) - පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වී සිටින ප්‍රේමලාල් ජයසේකර මහතා පාර්ලිමේන්තුවට රැගෙන යන ලෙසට අභියාචනාධිකරණය අද නියෝග කර තිබේ.
ඒ, ඔහු ගොනුකළ පෙත්සම විභාග කර තීන්දුවක් දෙන තෙක් බලපැවැත්වෙන පරිදි අතුරු නියෝගයක් නිකුත් කරමින් ය.
පෙත්සම විභාගයට ගැනීමට අවසරදුන් අධිකරණය එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබූ වැලිකඩ බන්ධනාගාරයේ අධිකාරිවරයා සහ පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට ලබන 29 වනදා අධිකරණ හමුවේ පෙනී සිටින ලෙස ද නියෝග කර තිබිණි.
පෙත්සම්කරුගේ මන්ත්‍රී ධූරය මේ දක්වා අභියෝගයට ලක්කර නොමැති බැවින් මහජන ඡන්දෙන් තේරීපත්වූ මහජන නියෝජිතයෙකු වූ ඔහුට පාර්ලිමේන්තු ගොස් දිවුරුම්දීමේ වරප්‍රසාදය හිමි බව අභියාචනාධිකරණය අවධාරණය කර තිබේ.