New Diamond ගින්න: නීතිපති උපදෙස් පතයි..

New Diamond ගින්න: සමාලෝචනය හා උපදෙස් දීමට නීතිපති සමග සාකච්ඡාවක්

by Staff writer 06-09-2020 | 3:47 PM

COLOMBO ( News 1st ) :  ගිනි ගැනීමට ලක්වූ නෞකාව සම්බන්ධයෙන් අද නීතීපති දෙපාර්තමේන්තුවේදී විශේෂ සාකච්චාවක් පැවැත්විය.

ගින්න නිවා දැමීමේ මෙහෙයුමට සම්බන්ධ වූ නාවික හමුදාව ,ගුවන් හමුදාව මෙන්ම සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ඇතුළු පාර්ශව කිහිපයක් ඊට එක්ව සිටිය හ. නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා මෙතනදී සාකච්ඡා වුණේ දැනට කෙරෙන ගින්න නිවීමේ කටයුතුවලදී අපේ අනෙකුත් ආයතන විසින් කොච්චර වියදම් කරලා තියනවා ද ඒ වියදම් ආපහු අපේ ලංකාවට ගන්නවා නම් ඒ මොනවගේ ක්‍රමවේදයක්ද පාවිච්චි කරන්න ඕන සහ දැනට ගින්නේ පවතින තත්ත්වය පිළිබඳව. සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති නීතිඥ දර්ශනී ලහඳපුර මහතා අද පැවැත්වුණේ නීතීපතිතුමාගේ ප්‍රධානත්වයෙන් මේ ඇතිවෙලා තියන සිද්ධිමය ක්‍රියාදාමය ඇතුළේ ගත යුතු ක්‍රියාමාර්ග නීතීමය ක්‍රියාමාර්ග මොනවද කියන එක තමයි ඒ පිළිබඳව එතුමා අපට ඉතා පැහැදිලි විස්තරයක් කෙරුවා . සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා විද්‍යාඥයෝ කණ්ඩායමක් අද හරි හෙට හරි මෙම ස්ථානයට යාවි . සමුද්‍ර පරිසර දූෂණය ගැන වුණ හානිය ගැන සම්පුර්ණ දත්ත ලබා ගැනීම සඳහා විශේෂ අවදානයක් යොමු කළා . ඒ අනුව හෙට හෝ අද සවස නාරා ආයතනය හා අනෙකුත් සමුද්‍ර විද්‍යාඥයින් කණ්ඩායමක් අරගෙන හෙට උදේ හෝ එතන්ට යන්න බලාපොරොත්තු වෙනවා.