COVID-19 නිසා මෙල්බර්න් නුවර තවදුරටත් වැසේ

COVID-19 නිසා මෙල්බර්න් නුවර තවදුරටත් වැසේ

by Staff writer 06-09-2020 | 3:10 PM

COLOMBO (News 1st) : COVID-19 ව්‍යාප්තියත් සමග ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර වසා දැමීමේ කාලය තවත් සති 02කින් දීර්ඝ කර තිබේ.

මීට පෙර ප්‍රකාශයට පත් කළ සීමාවන්ට අනුව ලබන 13 වැනිදා මෙල්බන් යළි විවෘත කිරීමට නියමිතව තිබුණි. වික්ටෝරියා ප්‍රාන්ත බලධාරීන් සඳහන් කළේ , ඒ අනුව ලබන 28 වැනිදා දක්වා මෙල්බර්න් නුවර වසා තැබෙන බවයි. මේ වනවිට ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 26 278 කි. එරටින් පුද්ගල මරණ 753 ක් වාර්තා වේ.