COVID- 19 අවදානම පහව ගොස් නැහැ

COVID- 19 අවදානම පහව ගොස් නැහැ - වෛද්‍ය පර්යේෂණ ආයතනය

by Staff writer 06-09-2020 | 7:37 AM

COLOMBO (News 1st) : සමාජයෙන් කොරෝනා ආසාදිතයින් වාර්තා නොවුවද අවදානම පහව ගොස් නැතැයි වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසයි.

එහි ප්‍රධාන වෛරස් රෝග විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා සඳහන් කළේ, සෞඛ්‍ය උපදෙස් නිසි ලෙස පිළිපදින ලෙසයි. සමාජය තුළින් අහඹු ලෙස තෝරාගත් නියැදි ඔස්සේ අඛණ්ඩව PCR පරීක්ෂණ සිදු කෙරෙන බව ද ජුඩ් ජයමහ මහතා පැවසුවේ ය. මේ අතර තවත් කොරෝනා රෝගීන් 6 දෙනෙකු ඊයේ වාර්තා විය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියෙකු, බහරේන්, කටාර් හා ඉන්දියාවේ සිට පැමිණ නිරෝධායනට ලක්වෙමින් සිටි පුද්ගලයින් 5 දෙනෙකු එලෙස කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනාගත් බවයි.