මිනිස්කමේ සුවඳ අරං එන ගම්මැද්ද

බද්දේගම ජනතාවගේ ජීවිතය ගැන තීරණය කරන ගිං ගඟ

by Staff writer 06-09-2020 | 10:04 PM

COLOMBO ( News 1st ) : වැස්සට, සුළඟට, අව්වට හුරුපුරුදු කණ්ඩායමක් මේ දවස්වල ගෙවල්වලට එනවා මිනිස්සු හම්බ වෙන්න.

මිනිස්කමේ සුවඳත් අරං එන නිසා මිනිස්සුත් ඒ අය එනකං බලාගෙන ඉන්නවා. බද්දේගම පැත්තේ ගම්වල ජනතාවගේ ජීවිතය ගැන තීරණය ගන්නේ ගිං ගඟ. ගඟේ වතුර මට්ටම ඉහළ ගියොත් ගංවතුර එනවා. වතුර බැස්සොත් නියඟය පැමිණේ. බද්දේගම, ස්වර්ණපුර ගමට තියෙන්නේ වෙනම ප්‍රශ්නයක් ය. ගිං ගඟේ වතුර තිබ්බට වගාබිම්වලට ගෙන්න ගන්න විදිහක් නෑ. ඒ, ඇළක් නැති නිසා ය. අක්කර 250 ක් අවුරුදු 10 ක ඉඳල පුරන් වෙනවා. බොන්න වතුරත් නැහැ. පැත්තකින් කුඹුරු පුරන් වෙනවා තවත් පැත්තකින් ජීවිත තනි වෙනවා. එකම විසඳුම ඇලක් කපලා වතුර දෙන එක. බද්දේගම, නවබැරිල්ල වත්ත ගම්මානයට එකතු වෙන්නේ ගංවතුරෙන් බේරිල්ලක් නැති මිනිස්සු ය. මීට අවුරුදු 10 කට කලින් පවුල් 180 මේ ගමට පැමිණියේ ය. ගමට ආවේ මිනිස්සු විතරයි බොන වතුර නම් අද වෙනතුරු ඇවිත් නැහැ. 2017 ගිං ගඟ ජල ව්‍යාපෘතියෙන් භූගත ජලය රැස්කරන ටැංකියක් සෑදුවේ ය. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කියන්නේ ඒ වතුර නොබොන ලෙස ය. ගම් දාලා මෙහෙට ආපු මිනිස්සුන්ට ඇති එකම සැනසීම ගංවතුර නැති එක විතරයි . හැබැයි අද වනතුරු තිබහට වතුර නම් නැහැ. මන්නාරම, මාන්දෙයි බටහිර මූන්‍ඩ්‍රාම්පිටි කියන්නේ ධීවර ගම්මානයක් ය. පවුල් 400න් 350 කරන්න ධීවර රස්සාවයි. මේ අයට ප්‍රශ්න දෙකකි. 1. මුහුදු ඛාදනය රළ සාලෙටම පැමිණේ. රැල්ල පාගන්න මුහුදට යන්න ඕනෙ නෑ. ගෙදර ඉඳන්ම රළ පාගන්න පුළුවන් ය. 2. ප්‍රදීපාගාරයක් නැති එක ජීවිතවලට එළියකුත් නැහැ . රස්සාව කරලා ගොඩට එන්න එළියකුත් නැහැ. ගූගල් යුගයක් ගැන කතා කලාට මේ ගමේ අය දකින්නේ මුහුද අයිනේ කළුගල් මිස Google නම් නෙවෙයි. ගමටම දුරකතන සංඥා නැහැ. කොරෝනා කාලයේ ළමයි online ඉගෙන ගත්තට මේ ළමයින්ට එවැනි අවස්ථාවක් නොවී ය. කටුගම්පල ගමට අනුරාධපුරයේ , ගල්පොත්තේ ගම ඉඳන් කිලෝමීටර් පහක් ඇතුළට යන්න ඕන . ගොඩ බෝග වගා කරන පවුල් සිය ගණනක් වතුර නැතිව දුක් විඳී. මේ මිනිස්සු බොන්නේ සල්ලි වතුර ය. සල්ලිවලට වතුර ගන්නත් කිලෝමීටර 03 ක් යන්න ඕන. හොඳ වතුර ටිකක් දෙන්න කියලා බලධාරීන් ළඟ හඬා වැටුණු කඳුළු ටික එකතු කළා නම් වැවක් හදන්න තිබුණි. කුරුණෑගල බුවනෙකබා රාජ සභාවට වෙච්ච දේ මතක අපිට අනුරාධපුර ,වෙහෙරගල වලගම්බා රජ සමයේ විහාරස්ථානයක් දක්නට ලැබුණි. ගම්මු කියන්නේ මෙහෙ පුරාවස්තු තියෙන බවයි. මේ වනවිටත් පන්සල නිධන් හොරුන්ගේ ග්‍රහණයට හසු වෙලා. බලධාරීන් එක්කෝ දන්නේ නැහැ. නැතිනම් බලන්නේ නැහැ.   https://www.facebook.com/NewsfirstSL/videos/608950453105719/