පවතින වැසි තත්ත්වය තවදුරටත්..

පවතින වැසි තත්ත්වය තවදුරටත්..

by Staff writer 06-09-2020 | 5:09 PM

COLOMBO ( News 1st ) :  දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, ඇතැම් ස්ථානවලට මි.මී. 150 ට වැඩි තද වර්ෂාපතනයන් ඇති විය හැකි බවයි. දිවයින වටා විටින් විට පැයට කිලෝ මීටර 50-60 තද සුළං ද ඇති විය හැකිය. නමුත් හෙට දිනයේදී දිවයිනේ පවතින වැසි හා සුළං තත්ත්වය තාවකාලික අඩුවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය