by Staff writer 06-09-2020 | 4:24 PM
COLOMBO (News 1st) : නිරෝධායනය අවසන් කළ තවත් පුද්ගලයින් 552 දෙනෙකු අද නිවෙස් බලා පිටත්ව ගිය බව යුද හමුදාව පවසයි.
ඒ, ත්‍රිවිධ හමුදාව මගින් පාලනය වන නිරෝධායනය මධ්‍යස්ථානවල සිටයි.
නිරෝධායන මධ්‍යස්ථාන 70 ක් තුළ පුද්ගලයින් 7403 දෙනෙකු මේ වනවිට නිරෝධායනය වෙමින් සිටින බව යුද හමුදාව පවසයි.
මේ වනවිට නිරෝධායන අවසන් කර ඇති පුද්ගලයින් සංඛ්‍යාව 37, 522 කි.
ඊයේ දිනය තුළ PCR පරීක්ෂණ 1880 ක් සිදුකර තිබේ.
මේ වනවිට දිවයින පුරා සිදුකර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 237,610 ක් බව යුද හමුදාව සඳහන් කළේ ය.