COLOMBO ( News 1st ) : එක්සත් ජාතික පක්ෂයේ 74 වන සංවත්සරය අද සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්විණි.
මෙම අවස්ථාව සඳහා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ පිරිසක් සහභාගී විය.
මෙම සංවත්සරය සැමරීමේ උළෙල ආවරණය කිරීමට මාධ්‍යයට අවස්ථාව හිමිවූයේ නැහැ.
උත්සවයට පාක්ෂිකයින් පිරිසක්ද සහභාගී විය.
මාධ්‍යවේදී ප්‍රශ්නය
කීවෙනි සංවත්සරයද සමරන්නේ
පිළිතුර
සංවත්සරය හැත්ත හය.
මාධ්‍යවේදී ප්‍රශ්නය
මතකත් නෑ නේ
පිළිතුර
මතක නෑ ඇත්තටම අපි පක්ෂෙ ගොඩනගන්න සංවත්සරය මතක තියාගෙන හිටියේ නෑ.
එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් උත්සවයෙන් අනතුරුව අදහස් පළ කළේ ය.
මාධ්‍යවේදී ප්‍රශ්නය
සංවත්සර සැමරීම කොහොමද?
එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා
අපි ආගමික වතාවත්වලට මුල් තැන දීලා පක්ෂයේ සැමරීම සිදු කළා.
මාධ්‍යවේදී ප්‍රශ්නය
එක්සත් ජාතික පක්ෂයේ සංවත්සරය මාධ්‍යයට ආවරණය කරන්න දෙන්නේ නැති පළවෙනි අවස්ථාව ඇයි මේ
වජිර අබේවර්ධන මහතා
නෑ මම හිතන්නේ නෑ එහෙම දෙයක් සිදු වුණා කියලා
මාධ්‍යවේදී ප්‍රශ්නය
කාවද යෝජනා වෙලා තියෙන්නේ නායකත්වයට දැන් රුවන් විජේවර්ධන මහත්මයාට දෙන්න එපැයි කියලා සමහරක් කට්ටිය කියනවා.
වජිර අබේවර්ධන මහතා
පක්ෂයක් හැටියට තක්සේරු කරලා ඒ ගැන කටයුතු කළ යුතුව තිබෙනවා
මාධ්‍යවේදී ප්‍රශ්නය
රුවන් විජේවර්ධන මහත්මයාට දැන් දෙන්න සූදානමක් තියනවද තරුණ නායකයෙක් .
වජිර අබේවර්ධන මහතා
මම එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ඉදිරිපත් කරලා තිබෙන්නේ. එක්සත් ජාතික පක්ෂයේ ආරක්ෂාව සඳහා. එක්සත් ජාතික පක්ෂයේ අනාගතය සඳහා
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා
පාර්ලිමේන්තුවට දැනට යන්න පුළුවන් හොදම දක්ෂ කෙනා රනිල් වික්‍රමසිංහ මහත්මයා. මොකද විසි වෙනි සංශෝධනය හින්දා. එහෙම නැතුව එතුමා නම් කැමැත්තක් නෑ. නීති ගැන එතකොට ඔය ගේන සංශෝධන ගැන මම හිතන්නේ අපේ ඉන්න කණ්ඩායමේ දක්ෂම පුද්ගලයා එතුමා. අපි මෙච්චර කල් එතුමා යන්නත් බෑ කිව්වා. අපි යන්නත් එපා කිව්වා. දැන් නමුත් අද අපිට තේරිලා තියනවා මේ වගේ විනාශ වෙන සංශෝධනයක් ගේනවනම් ඒකට කතා කරන්න පුළුවන් පුද්ගලයෙක් අපි යවන්න ඕන කියලා. එතුමා තමයි මං හිතන්නේ පාර්ලිමේන්තුවේ ඒ ගැන කතා කරන්න පුළුවන් 225 ම ඉන්න දක්ෂයා. මං හිතනවා එතුමාගෙන් ඒ හොද නරක දෙපැත්තම රටට දැනුවත් කෙරෙන්න හා ආණ්ඩුවට දැනුවත් කෙරෙන්න මම හිතනවා එතුමා ගියොත් හොදයි කියලා.
මාධ්‍යවේදී ප්‍රශ්නය
ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට රනිල් වික්‍රමසිංහ මහත්මයා ඉදිරිපත් වෙන එක අනිවාර්යයි ද?
අර්ජුන රණතුංග මහතා
තාම නෑ එතුමා තාම ඒකට කැමැත්තක් කරන්නේ නෑ.මේක මං හිතන්නේ අපෙන් එන යෝජනාවක්.
මාධ්‍යවේදී ප්‍රශ්නය
සංවත්සරය දවසේ වත් ඔබතුමන්ලාට හිතෙන්නේ නැද්ද මේකට මේ තරුණ නායකයෙක් ඕන කියලා
අර්ජුන රණතුංග මහතා
තරුණම කියලා ඕන් නෑනේ , දැන් ජනාධිපතිතුමා තරුණද? අගමැතිතුමා තරුණද? පොහොට්ටුවේ ඉන්න නායකයෝ තරුණද?එහෙම හිතන්න එපා.ඒක නායකයෝ කියන එක්කෙනා තරුණම වෙන්න ඕන් නෑ.නායකයෝ කියන්නේ කැප්ටන්ස්ලත් ඉන්නවා ලීඩස්ලත් ඉන්නවා.කැප්ටන්ලා ටීම් එක කැප්ටන් කරනවා.ලීඩස්ලා තමයි දිනන්නේ.
මාධ්‍යවේදී ප්‍රශ්නය
මාධ්‍යයට විවෘත නොකරන්න මොනවාහරි ප්‍රධාන හේතුවක් තිබුණද?
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවර්ධන මහතා
නෑ ඒක ගැන මම කොහෙමද දන්නේ නෑ.ඒක මම හිතන්නේ මහලේකම් තුමාගෙන් අහන්න ඕන.ඒක ගැන මම දන්නේ නෑ ඇත්තටම.
මාධ්‍යවේදී ප්‍රශ්නය
රනිල් වික්‍රමසිංහ මහත්මයා සූදානම්ද ඔබතුමාට නායකත්වය භාර දෙන්න?
රුවන් විජේවර්ධන මහතා
රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියලා තියනවා තරුණ නායකත්වයක් එන්න අවශ්‍යයි කියලා.මං හිතනවා මේ සතියේ යම් කිසි තීරණයක් ගනියි කියලා.
මාධ්‍යවේදී ප්‍රශ්නය
දැන් ඔබතුමා සම්පූර්ණයෙන්ම සූදානම්ද නායකත්වය භාර ගන්න?
රුවන් විජේවර්ධන මහතා
අනිවාර්යෙන්ම. අනිවාර්යෙන්ම. මම සම්පූර්ණයෙන්ම සූදානම් නායකත්වය භාර ගන්න.
මාධ්‍යවේදී ප්‍රශ්නය
ඔබතුමා නායකත්වයට සුදානම් ඔබතුමා නෙමෙයිද ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට යා යුත්තේ ?
රුවන් විජේවර්ධනමහතා
නෑ මම ඉස්සර ඉදන්ම කිව්වේ ජාතික ලැයිස්තුවට මං යන්නේ නෑ කියලා. මම පාර්ලිමෙන්තුවට යනවා නම් මම ජනතාවගේ ඡන්දයෙන් තමයි පාර්ලිමේන්තුවට යන්න බලාපොරොත්තු වෙන්නේ ?