by Staff writer 05-09-2020 | 10:36 PM
COLOMBO (News 1st) : ශ්‍රී ලංකාවට ආසන්න මුහුදේදී ගිනි ගැනීමට ලක්වූ New Diamond නෞකාව වෙත යාම සඳහා 10 දෙනෙකුගෙන් යුත් බ්‍රිතාන්‍ය හා නෙදර්ලන්ත විශේෂඥයින් පිරිසක් හෙට උදෑසන මත්තල ගුවන්තොටුපොළ වෙත පැමිණීමට නියමිත ය.
එම පිරිසට මුදවා ගැනීමේ මෙහෙයුම් විශේෂඥයින්, ආපදා තක්සේරුකරුවන් හා නීති උපදේශකයෙකු ද ඇතුළත් ය.
මෙම කණ්ඩායම නාවික හමුදාව මගින් කල්මුණේ සිට වේග ප්‍රහාරක යාත්‍රාවක් යොදා ගනිමින් ආපදාවට පත් නෞකාව පිහිටි මුහුදු ප්‍රදේශවෙත රැගෙන යාමට සැලසුම් කර තිබේ.