ගිනිගත් නැවේ සේවකයාට කොරෝනා නැහැ

New Diamond නැවෙන් කල්මුණේ රෝහලට ඇතුළත් කළ සේවකයාට කොරෝනා නැහැ

by Staff writer 05-09-2020 | 8:16 PM

COLOMBO (News 1st) : ගිනි ගැනීමට ලක්වූ New Diamond නෞකාවේ සිටි කල්මුණේ මූලික රෝහලේ ප්‍රතිකාර ලබන සේවකයා ඊයේ(04) PCR පරීක්ෂණයකට ලක් කර තිබේ.

අදාළ පරීක්ෂණයන් ඔහුට කොරෝනා වැළදී නොමැති බව ද සෞඛ්‍ය අංශ තහවුරු කළේ ය. ප්‍රතිකාර ලබමින් සිටින්නේ අදාළ නෞකාවේ සේවය කළ පිලිපීන ජාතිකයෙකි. කුවේට්හි මීනා අල් අහමදි වරායේ සිට ඉන්දියාවේ පරාදීප් වරාය දක්වා යාත්‍රා කරමින් තිබූ New Diamond නෞකාවේ පෙරේදා පෙරවරුවේ මෙම ගින්න හටගෙන තිබුණි.. ගින්න ඇතිවන අවස්ථාවේ එය යාත්‍රා කරමින් තිබුණේ, සංගමන් කන්දේ සිට නාවික සැතපුම් 38 ක් පමණ දුරිනි. ගිනි ගැනීමට ලක්වූ New Diamond නෞකාව මේ වනවිට ආරක්ෂිත මුහුදු කලාපයක් වෙත රැගෙන ගොස් ඇති බව නාවික හමුදාව පවසයි.