by Staff writer 05-09-2020 | 8:01 PM
COLOMBO (News 1st) : 18, 19 වගේම 20 ගැනත් මේ දවස්වල ලොකු කතාබහක් පවතී.
19 ගෙනාවේ 18 හොඳ නෑ කියලා ය.
ඒවා ඔක්කොම වෙනුවට දැන් 20ක් ලෑස්ති ය.
පහුගිය පාර්ලිමේන්තුවල සමහර මහජන නියෝජිතයො 18 ටයි 19ටයි දෙකටම මනාප පල කර තිබුණි.
ඒ අයගෙන් පිරිසක් අලුත් පාර්ලිමේන්තුටත් පැමිණ ඇත.
මේ එදා 18 වැනි සංශෝධනයටත් 18 අහෝසිකරල ගෙනා 19 වැනි සංශෝධනයටත් පක්ෂව අත ඉස්සූ අද පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් ය.
ඔවුන් දැන් 20 වැනි සංශෝධනයේදී කුමක් කරයිද ?
රෝහිත අබේගුණවර්ධන මහතා, මහින්ද යාපා අබේවර්ධන මහතා , මහින්ද අමරවීර මහතා, දිලුම් අමුණුගම මහතා , ලසන්ත අලගියවන්න මහතා , ඩලස් අලහප්පෙරුම මහතා , මහින්දානන්ද අලුත්ගමගේ මහතා , ඉන්දික අනුරුද්ධ මහතා , දිනේෂ් ගුණවර්ධන මහතා , බන්දුල ගුණවර්ධන මහතා , සිරිපාල ගම්ලත් මහතා , උදය ගම්මන්පිල මහතා , එස්.එම්.චන්ද්‍රසේන මහතා , සිසිර ජයකොඩි මහතා , පියංකර ජයරත්න මහතා, ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා , මොහාන් ද සිල්වා මහතා , නිමල් සිරිපාල ද සිල්වා මහතා , පියල් නිශාන්ත මහතා ,එස්.බී. දිසානායක මහතා , විමලවීර දිසානායක මහතා , දුමින්ද දිසානායක මහතා , ඩග්ලස් දේවානන්දා මහතා , වාසුදේව නානායක්කාර මහතා , සනත් නිශාන්ත මහතා , රමේෂ් පතිරණ මහතා , ජගත් පුෂ්පකුමාර මහතා , ජයන්ත කැටගොඩ මහතා , ඩිලාන් පෙරේරා මහතා , අරුන්දික ප්‍රනාන්දු මහතා , සහ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා , සුදර්ශණී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය , සුසිල් ප්‍රේම්ජයන්ත මහතා, ශාන්ත බණ්ඩාර මහතා , විජිත බේරුගොඩ මහතා , අනුර ප්‍රියදර්ශන යාපා මහතා , සී බී රත්නායක මහතා , රොෂාන් රණසිංහ මහතා , කෙහෙළිය රඹුක්වැල්ල මහතා , නාමල් රාජපක්ෂ මහතා , ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා , නිමල් ලන්සා මහතා , ජානක වක්කුඹුර මහතා මෙන්ම , පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය , විදුර වික්‍රමනායක මහතා , කංචන විජේසේකර මහතා , මහාචාර්ය තිස්ස විතාරණ මහතා , තේනුක විදානගමගේ මහතා , චන්දිම වීරක්කොඩි මහතා , විමල් වීරවංශ මහතා ,මහින්ද සමරසිංහ මහතා , රංජිත් සියඹලාපිටිය මහතා , ජෝන් සෙනෙවිරත්න මහතා , ෂෙහාන් සේමසිංහ මහතා , කනක හේරත් මහතා , සහ ජයරත්න හේරත් මහතා යන මහත්ම මහත්මීන් ද මෙම ලැයිස්තුවට ඇතුළත් වෙයි.
18 සහ 19 ව්‍යවස්ථා සංශෝධන ඉදිරිපත් වූ සමයේ මැති සබයේ සිටි මහජන නියෝජිතයින් දෙදෙනෙකුගේ විශේෂත්වයක් තිබේ.
එනම් චමල් රාජපක්ෂ මහතා කතානායක ධුරය හෙබවීම හා සරත් වීරසේකර මහත්මය 19 වැනි සංශෝධනයට විරුද්ධ වීමයි.
වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා 18 වැනි සංශෝධනය ඉදිරිපත් වූ කාලයේ ජනාධිපති ධුරය හෙබවූයේ ය.
19 වැනි සංශෝධනය ඉදිරිපත් වනවිට එතුමා පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකුව සිටියේ නැහැ