හොර පාරෙන් ගෙන්නපු දුම්වැටි තොගයක් විනාශ කරයි

හොර පාරෙන් ගෙන්නපු දුම්වැටි තොගයක් විනාශ කරයි

by Staff writer 05-09-2020 | 5:46 PM

COLOMBO ( News 1st ) :  නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කරන ලද දුම්වැටි තොගයක් ශ්‍රී ලංකා රේගුව ඊයේ විනාශ කළේය.

ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම විමර්ශන අංශය විසින් මෙම වැටලීම් සිදු කරනු ලැබ තිබේ. එහිදී ඔවුන් භාරයට පත් නිති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ දුම්වැටි තොගය විනාශ කෙරුණේ, එම අංශයේ නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේදීය. ඒ පිළීබඳ අදහස් දැක්වූ මධ්‍යම විමර්ශන අංශයේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ මුදිත ජයසිංහ මහතා
''මේක ලංකාවට ආනයනය කරලා තියෙන්නේ හබ් ඔපරේෂන් යටතේ ඒ කියන්නේ, ලංකාව මධ්‍යස්ථානයක් කරගෙන ප්‍රතිඅපනයනය කරන්න තමයි මේ හදලා තියෙන්නේ. අපි සැක කරනවා මේක ලංකාවේ මාකට් එකට දාන්න ගෙනාපු ඒවා කියලා. බිලියන 23ක් සිගරට් කූරු මේ කන්ටේනර් එකේ අඩංගු වෙලා තියනවා. වටිනාකම දහතුන් කෝටි තිස්හය ලක්ෂයක්. වර්තමාන ට්‍රෙන්ඩ් එක තමයි විශාල ප්‍රමාණයක් මුහුදෙන් තමයි මේ ලංකාවට ගේන්නේ. මත්ද්‍රව්‍ය ගේන්නේ''
https://www.facebook.com/NewsfirstSL/videos/693440188190826/