බංග්ලාදේශයේ ගෑස් නලයක් පිපිරීමෙන් 13ක් මරුට

බංග්ලාදේශයේ දේවස්ථානයක් අසල ගෑස් නලයක් පිපිරීමෙන් 13ක් මරුට

by Staff writer 05-09-2020 | 4:56 PM
COLOMBO (News 1st): බංග්ලාදේශයේ දේවස්ථානයක් අසල සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් 13 ක් මියගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, දේවස්ථානය අසල ඇති ගෑස් ප්‍රවාහන නලයක මෙම පිපිරීම සිදුව ඇති බවය. පිපිරීමෙන් දේව මෙහෙයන් සඳහා පැමිණි පුද්ගලයින් 30 කට ආසන්න පිරිසක් තුවාල ලබා තිබේ. ගිනි නිවීමේ නිලධාරීන් සැක පල කරන්නේ ගෑස් නලයක සිදුවූ කාන්දුවක් හේතුවෙන්න මෙම පිපිරීම සිදුවන්නට ඇති බවය. මියගිය පිරිස අතර වයස අවුරුදු 7 ක දරුවෙකු ද සිටී. බොහෝ තුවාලකරුවන් බරපතල තත්ත්වයේ පසුවන බැවින් මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.