ගිනිගත් නැවේ තත්ත්වය විමර්ශනයට කමිටුවක්

ගිනිගත් නෞකාවේ වත්මන් තත්ත්වය විමර්ශනයට කමිටුවක්

by Staff writer 05-09-2020 | 6:50 PM

COLOMBO ( News 1st ) :  මෙරට නැගෙනහිර මුහුදේදී ගිනි ගත් MT NEW DIAMOND නෞකාවේ වත්මන් තත්ත්වය විමර්ශනය කිරීම සඳහා අමාත්‍යාංශ අතිරේක ලේකම්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ ය.

''අපි අමාත්‍යාංශය විදිහට මේ පිළිබදව පූර්ණ අවදානයෙන් ඉන්නේ. අපි කමිටුවකුත් පත් කළා. සාකච්ඡාවකුත් පැවැත්වුවා. මේ එන නැවේ තෙල් කාන්දු වීමක් සිද්ධ වුණොත් දැවැන්ත පරිසර හානියක් සිදු වනබව අපි දන්නවා. ඒකට අපි මුහුණ දෙන්න ජාත්‍යන්තර වශයෙනුත් අපි සාකච්ඡා පවත්වලා තියනවා. වාසනාවට දැන් එහෙම අවදානමක් නැහැ. එහෙම තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ. ඇතිවුණානම් ලංකාවේ පරිසරය සම්පූර්ණයෙන් වෙනස් වෙන්න තිබුණා''
මේ අතර MT NEW DIAMOND නෞකාවේ ඇති වූ ගින්න මැඩලීමට දායක වූ සැමට ජනාධිපති ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ස්තුතිය පළ කරයි. ජනාධිපතිතුමා මේ බව සඳහන් කර ඇත්තේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ය. ශ්‍රී ලංකා නාවික හමුදාවට, ගුවන් හමුදාවට හා ශ්‍රී ලංකා වරාය අධිකාරියට ද ස්තුතිය පළ කර ඇති ජනාධිපතිතුමා ගින්න නිවීමට සහාය වූ ඉන්දීය ආරක්ෂක අංශ ද සිහිපත් කර තිබේ.