කාන්තාවන් බලගන්වන වනිතාභිමාන 2020 මහනුවරදී..

කාන්තාවන් බලගන්වන වනිතාභිමාන 2020 මහනුවරදී..

by Staff writer 05-09-2020 | 8:58 PM

COLOMBO (News 1st) : ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් 52% ක් කාන්තාවන් ය.

ඔවුන්ගේ ව්‍යවසායට ඇති හැකියාව ඉදිරියට ගෙන යාමට නිව්ස්ෆස්ට් අද පියවරක් තැබුවේ ය. ඒ, ශ්‍රී ලංකා වනිතාභිමාන 2020 වැඩසටහන ඔස්සේ ය. දැය නගන වනිතා බලගැන්වුම - ශ්‍රී ලංකා වනිතාභිමාන 2020 මෙරට කාන්තා ව්‍යවසායකයින් ඇගයීම වෙනුවෙන්ම සංවිධානය කළ වැඩසටහනයි. එහි මධ්‍යම පළාත් තරගය අද පෙරවරුවේ පැවැත්වුණේ විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් ය. NDB බැංකුව මෙම වැඩසටහන බලගන්වන අතර මධ්‍යම පළාත් ජයග්‍රාහකයින් අද පස්වරුවේ ඇගයීමට ලක්කෙරිණි. ඒ නායිකා, පරිසර කළමනාකරණය, සමාජ සේවා, ක්‍රීඩා, අධ්‍යාපන, ව්‍යවසායක (ක්ෂුද්‍ර), ව්‍යවසායක (කුඩා), ව්‍යවසායක (නැගී එන) වශයෙන් අංශ 8 ක් යටතේ ය. මෙලෙස මධ්‍යම පළාත් තරගයෙන් ජය ලැබූ 08 දෙනා ශ්‍රී ලංකා වනිතාභිමාන 2020 ජාතික තරගයට සුදුසුකම් ලබයි. මේ අතර වැඩසටහනට සමගාමීව අද දවස පුරා කැන්ඩි සිටි සෙන්ටර්හිදී වැඩසටහන් රැසක් පැවැත්වුණේ කාන්තාවන් වෙනුවෙන් ය. රූපලාවන්‍ය , මාධ්‍ය හා නායකත්ව, ස්වයං රැකියා, නීති උපදේශන අංශ මෙන්ම වෙළෙඳ ප්‍රදර්ශනයක්ද ඊට ඇතුළත් විය.