by Staff writer 05-09-2020 | 8:58 AM
COLOMBO (News 1st) : ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මිලියන 4 ඉක්මවා තිබේ.
ඒ ගත වූ පැය 24 තුළ නව ආසාදිතයින් 87 දහසකට අධික සංඛ්‍යාවක් හදුනාගැනීමත් සමගයි.
එය සටහන් වන්නේ ගත වූ පැය 24 තුළ ලොව පුරා, වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලෙසයි.
ඒ අනුව ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව හතළස් ලක්ෂ විසි දහස ඉක්මවී ය.
ඊයේ දිනයේදී පමණක් ඉන්දියාවේ මිය ගිය කොරෝන ආසාදිතයින් සංඛ්‍යවා 1066 කි.
ඒ අනුව එරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 69 635 ක් දක්වා ඉහළ ගියේ ය.
මහාරාෂ්ට්‍ර, අන්ද්‍රා ප්‍රදේශ්, කර්නාටක, තමිල්නාඩු සහ උත්තර් ප්‍රදේශ් යන ප්‍රාන්ත , කොරෝනා හේතුවෙන් වැඩිම බලපෑමට ලක් ප්‍රාන්ත වේ.
ඉන්දියාවෙන් වාර්තා වන සමස්ත කොරෝනා රෝගීන්ගෙන් 62% ක්ම වාර්තා වන්නේ මෙම ප්‍රාන්ත 5 න් බව එරට සෞඛ්‍ය අංශ නිවේදනය කළේ ය.
එරටින් වාර්තා වන රෝගීන්ගෙන් 2 % ක පමණ ප්‍රමාණයක් මේ වන විට දැඩිසත්කාර ඒකකයේ පසුවන බව නවතම වාර්තා අනාවරණය කරයි.
ඉන්දියාව කොරෝනා වසංගතයෙන් වැඩිම බලපෑමට පත් රටවල් ලැයිස්තුවේ 3 වන ස්ථානයේ පසුවේ.
දෙවන ස්ථානයේ පසුවන බ්‍රසීලය අභිබවා යාමට ඉන්දියාවෙන් වාර්තා විය යුත්තේ තවත් කොරෝනා රෝගීන් 70 දහසක් පමණි .