New Diamond නැවේ සේවකයෙකු මරුට

New Diamond නැවේ බොයිලේරුවේ සේවය කළ අයෙකු මරුට..

by Staff writer 04-09-2020 | 8:26 AM

COLOMBO (News 1st) - සංගමන් කන්දට ඔබ්බෙන් වූ මුහුදේදී සුපර් ටෑන්කර් වර්ගයේ ඉන්ධන නෞකාවේ හටගත් ගින්න මැඩ පැවැත්වීම සඳහා මේ වනවිට කටයුතු කරමින් සිටින බව නාවික හමුදාව පවසයි.

ඒ ඉන්දීය නාවික හමුදාව හා ශ්‍රී ලංකා නාවික හමුදාවේ කණ්ඩායම් විසිනි. ගින්න නිවීම සඳහා අදාළ නෞකාව අයත් සමාගමේ නෞකාවක් ද එම ස්ථානයට පැමිණ ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කැප්ටන් ඉන්දික ද සිල්වා මහතා පැවසුවේය. ගිනි ගනිමින් ඇති New Diamond තෙල් නෞකාවේ බොයිලේරුවේ සේවය කළ අයෙකු මියගොස් ඇති බවට වාර්තා වන බව නාවික හමුදා ප්‍රකාශකවරයා සඳහන් කළේය. පැනමා ධජය යටතේ යාත්‍රා කරමින් තිබූ නිව් ඩයමන්ඩ් නෞකාව ඊයේ පෙරවරුවේ ගිනි ගැනීමට ලක්විය. එම අවස්ථාවේ නෞකාවේ ඩීසල් ලීටර් මෙට්ට්‍රික් ටොන් 1700 ක් සහ බොරතෙල් ලීටර් මෙට්ට්‍රික් ටොන් දෙලක්ෂ 70,000 ක පමණ ප්‍රවාහනය කරමින් තිබුණේ කුවේටයේ සිට ඉන්දියාව දක්වායි. නිව් ඩයමන්ඩ් යාත්‍රාවේ මුළුතැන්ගෙයි සිදුවූ ගෑස් පිපිරීමකින් අනතුරුව ගින්න හටගෙන තිබූ අතර ඒ පිළිබඳ ඊයේ පෙරවරුවේ නාවික හමුදාවට වාර්තා විය. මේ අතර සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා සඳහන් කළේ ගිනිගෙන ඇති නෞකාව පවතින මුහුදු ප්‍රදේශයට තම කණ්ඩායමක් අද දිනයේ පිටත්ව යන බවයි.