by Staff writer 04-09-2020 | 4:49 PM
COLOMBO (News 1st) : අල්ලස් ලබා ගැනීමේදී අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු භෝජනාගාර සැපයුම් අංශය භාර නිලධාරියා ලබන 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.
ඒ සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවට අද ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.
පාර්ලිමේන්තුවට සපයන පළතුරු වර්ග ප්‍රතික්ෂේප නොකර සියල්ල භාර ගැනීම සඳහා මසකට රුපියල් තිස් දහස බැගින් අල්ලස මුදල් ලබාගෙන ඇති අතර සැකකරු මාස දෙකක මුදල ලබා ගන්නා අවස්ථාවේදී ඊයේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අත්අඩංගුවට පත්විය.
ඔහු කඩුවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.