by Staff writer 04-09-2020 | 3:42 PM
COLOMBO ( News 1st ) : බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම හා වයඹ පළාත්වල අද දිනයේ තැනින් තැන වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ , ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව් සහ වව්නියාව දිස්ත්‍රික්කවලත් සවස දෙකින් පසුව වැසි ඇතිවිය හැකි බවයි.
ගිගුරුම් සහිත වැසි ඇති වනවිට අකුණු හා තද සුළං මගින් සිදුවන අනතුරු අවම කර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.