by Staff writer 04-09-2020 | 10:31 PM
COLOMBO (News 1st) : තෙල් නැවේ ගින්න යම් තාක්දුරකට නිවා දමා ඇති බවත් , නොගැඹුරු මුහුදට නෞකාව ගසාගෙන යාම වැළැක්වීම සඳහා කටයුතු කරමින් සිටින බවත් ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.
නැව හිමි සමාගම කුලියට ගත් ටග් යාත්‍රාදෙකක් මේවනවිට නැව ආසන්නයට පැමිණ තිබෙන බව ද නාවික හමුදාව ප්‍රකාශ කළේ ය.
ඉන්දීය නාවික හමුදාවේ සහ ඉන්දීය වෙරලාරක්ෂක බලකායේ නැව් ද මේවනවිට සහායට පැමිණ තිබේ.
ශ්‍රී ලංකා සම්පත් මෙන්ම ඉන්දියානු වෙරළාරක්ෂක හා ඉන්දියානු නාවික හමුදා සහය ද සහිතව දැනට ගින්න යම්තාක් දුරකට මැඩ පවත්වා ඇති බව නාවික හමුදාව ප්‍රකාශ කළේ ය.
මීට අමතරව ගිනි නිවීමට අවශ්‍ය උපාංග රැගත් නැව් හම්බන්තොටින් ත්‍රිකුණාමලයෙන් හා කොළඹින් පැමිණීමට නියමිතයි.
https://www.facebook.com/NewsfirstSL/videos/368478224165112/