NEW DIAMOND හි ගින්න නිවීමට‍ ජාත්‍යන්තර සහය

ගිනිගත් නැවේ ඉන්ධන කාන්දු වූවොත් එය ලොව විශාලතම පාරිසරික ව්‍යසනයක්

by Staff writer 04-09-2020 | 7:33 PM
ගිනි ගන්නා MT NEW DIAMOND නෞකාවේ ඉන්ධන කාන්දු වුවහොත් එය ලොව විශාලතම පාරිසරික ව්‍යසනය වීමේ අවධානමක් ඇතැයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි. එහි සභාපතිනි, නීතිඥ දර්ශනී ලහඳපුර මහත්මිය මේ බව සඳහන් කළේ, නෞකාවේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමට අද පැවති මාධ්‍ය හමුවේදී ය.   https://youtu.be/B7DH-ga-Xio මෙම මාධ්‍ය හමුව පැවැත්වූයේ වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙනි.   https://youtu.be/kliLP5PddCE ශ්‍රී ලංකා නාවික හමුදාව ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව පැහැදිලි කිරීම සඳහා මෙහෙයුම් අධ්‍යක්ෂ ජනරාල් රියර් අද්මිරාල් නන්දන ජයරත්න මහතා ද මෙම මාධ්‍ය හමුවට එක්ව සිටියේ ය.   https://youtu.be/9kbuWxljgto කුවේට්හි මීනා අල් අහමදි වරායේ සිට ඉන්දියාවේ පරාදීප් වරාය දක්වා යාත්‍රා කරමින් තිබූ MT NEW DIAMOND නෞකාවේ ඊයේ පෙරවරුවේ මෙම ගින්න හටගෙන තිබුණු අතර ගින්න ඇතිවන අවස්ථාවේ එය යාත්‍රා කරමින් තිබුණේ සංගමන් කන්දේ සිට නාවික සැතපුම් 38 ක් පමණ දුරින් ය. පැනමා ධජය යටතේ යාත්‍රා කළ මෙම නෞකාවේ බොරතෙල් ලීටර් මෙට්ට්‍රික් ටොන් දෙලක්ෂ 70,000 ක් සහ නෞකාවට අවශ්‍ය ඩීසල් ලීටර් මෙට්ට්‍රික් ටොන් 1,700 ක් පමණ ප්‍රවාහනය කළ බව සඳහන් වේ. MT NEW DIAMOND යාත්‍රාවේ මුළුතැන්ගෙයි සිදුවූ ගෑස් පිපිරීමකින් අනතුරුව ගින්න හටගෙන තිබු අතර ඒ පිළිබඳව මෙරට නාවික හමුදාවට වාර්තා වී තිබුණේ ඊයේ පෙරවරු 8.05 ට පමණය.   https://youtu.be/heucxveTek4   MT NEW DIAMOND නෞකාව ගිනි ගන්නා අවස්ථාවේ කාර්ය මණ්ඩලයේ 23 දෙනෙකු යාත්‍රාකර ඇති අතර, ඉන් වැඩි දෙනා පිලිපීන ජාතිකයින් වේ. නෞකාවේ කාර්ය මණ්ඩල සාමාජිකයින් අතරින් එක් අයෙකු හැර සෙසු සියලු දෙනා බේරා ගැනුණු අතර, අතුරුදන්ව සිටි අයෙකු පිළිබඳව ලද තොරතුරු අනුව ඔහු මිය යන්නට ඇතැයි සැකකරන බව නාවික හමුදාව අද පෙරවරුවේ ප්‍රකාශ කළේය. ගින්න මැඩ පැවැත්වීම සඳහා මේ වනවිට ජාත්‍යන්තරයේ සහය ද හිමිව තිබේ.   https://youtu.be/O3fbJ-Eflp8