by Staff writer 04-09-2020 | 3:55 PM
COLOMBO (News 1st) : ගින්නට හසුවූ නැවෙන් තෙල් කාන්දුවක් සිදු වීමට හැකියාවක් නොමැති බවත් යම් හෙයකින් කාන්දුවක් සිදු වුවහොත් එය පැතිරීම පාලනය කිරීමේ හැකියාව ශ්‍රී ලංකා නාවික හමුදාව සතු බව රියර් අද්මිරාල් නන්දන ජයරත්න මහතා පවසයි.
රියර් අද්මිරාල්වරයා මේ බව පැවසුවේ, ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වති විශේෂ මාධ්‍ය සාකච්ඡාව අමතමිනි.
තෙල් කාන්දුවීමක් සිදු වුවහොත් නැව වටේ ඇති බැරියරයකට සමාන බූම් නමැති උපකරණය යොදා එය පැතිරීම පාලනය කළ හැකි බව එහිදී ප්‍රකාශ විය.
එමගින් කාන්දු වන තෙල් ප්‍රමාණය එම ස්ථානයට ම කොටු කර තබා ගත හැකිවනු ඇති.
පසුව විශේෂ ගුවන් යානයක් යොදා ගනිමින් රසායනිකයක් දමා කාන්දු වූ තෙල් විනාශ කර දමන බව රියර් අද්මිරාල්වරයා පැවසී ය.
ඒ සඳහා වන ඉන්දීය වෙරළාරක්ෂ හමුදාව සතු විශේෂ ගුවන් යානයක් අද පස්වරුවේ මත්තල ගුවන්තොටුපොළට පමිණීමට නියමිත බව නන්දන ජයරත්න මහතා වැඩිදුරටත් පැවසී ය.
https://youtu.be/O3fbJ-Eflp8