තෙල් නැවේ ගින්න යම්තාක් දුරකට නිවා දැමේ

තෙල් නැවේ ගින්න යම්තාක් දුරකට නිවා දැමේ

තෙල් නැවේ ගින්න යම්තාක් දුරකට නිවා දැමේ

කර්තෘ Staff writer

04 Sep, 2020 | 10:31 pm

COLOMBO (News 1st) : තෙල් නැවේ ගින්න යම් තාක්දුරකට නිවා දමා ඇති බවත් , නොගැඹුරු මුහුදට නෞකාව ගසාගෙන යාම වැළැක්වීම සඳහා කටයුතු කරමින් සිටින බවත් ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.

නැව හිමි සමාගම කුලියට ගත් ටග් යාත්‍රාදෙකක් මේවනවිට නැව ආසන්නයට පැමිණ තිබෙන බව ද නාවික හමුදාව ප්‍රකාශ කළේ ය.

ඉන්දීය නාවික හමුදාවේ සහ ඉන්දීය වෙරලාරක්ෂක බලකායේ නැව් ද මේවනවිට සහායට පැමිණ තිබේ.

ශ්‍රී ලංකා සම්පත් මෙන්ම ඉන්දියානු වෙරළාරක්ෂක හා ඉන්දියානු නාවික හමුදා සහය ද සහිතව දැනට ගින්න යම්තාක් දුරකට මැඩ පවත්වා ඇති බව නාවික හමුදාව ප්‍රකාශ කළේ ය.

මීට අමතරව ගිනි නිවීමට අවශ්‍ය උපාංග රැගත් නැව් හම්බන්තොටින් ත්‍රිකුණාමලයෙන් හා කොළඹින් පැමිණීමට නියමිතයි.

නෞකාවේ ගින්න පාලනය කල නාවික ගුවන් මෙහෙයුම.

නෞකාවේ ගින්න පාලනය කල නාවික ගුවන් මෙහෙයුම… Update: New Diamond තෙල් නෞකාවේ ගින්න යම් තරමකට පාලනය කෙරේ. නෞකාව ගැඹුරු මුහුදු ප්‍රදේශයකට ඇදගෙන යාමට පියවර. – නාවික හමුදා ප්‍රකාශක

Posted by Newsfirst.lk on Friday, September 4, 2020

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]