by Staff writer 03-09-2020 | 9:37 PM
COLOMBO (News 1st) : ජාති, ආගම්, උස්, මිටිකම්, ලොකු, පොඩිකම් මේ කිසිවක් නොතකා ජනතාව වෙනුවෙන්ම කැපවූ ශ්‍රී ලංකා පොලීසිය නීතිය සුරක්ෂිත කිරීමට ඉටුකරන මෙහෙය ප්‍රශංසනීයයි.
30 වසරක යුද සමයේත් සිය මෙහෙවර අඛණ්ඩව ඉටුකළ පොලීසිය ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීම උදෙසා සිය වගකීම ඉටුකළේ, ජීවිත ගණනාවක් ද කැපකරමිනි.
කොවිඩ් වසංගතයේදී තම දිවි දෙවෙනිකොට රටත් ජනතාවත් සුරක්ෂිත කිරීමට ඔවුන් ඉටුකළ මෙහෙයට ජාතියේ ප්‍රණාමය හිමිවිය යුතුමයි.
දැන් තවත් මෙහෙවරකට උරදී සිටින ශ්‍රී ලංකා පොලීසිය පාතාලය, මත්කුඩු, හොරකම් මැඩලමින් සාමකාමී ජනජීවිතය තහවුරු කිරීමට අලුත් ප්‍රවේශයකින් අවතීරණව සිටී.
දිවා රෑ නොතකා රටත්, ජනතාවත් සුරක්ෂිත කිරීමට කැපවන පොලිස් විරුවණි ඔබටයි මේ උත්තමාචාරය...!