ප්‍රධාන භූ චලනට පෙර තවත් චලන සිදුව ඇතැයි හෙළි වෙයි

වික්ටෝරියා ජලාශය අවට ප්‍රධාන භූ චලනට පෙර තවත් චලන සිදුව ඇතැයි හෙළි වෙයි

by Staff writer 03-09-2020 | 9:51 PM
COLOMBO (News 1st) : 29 වනදා සිදුවූ භූ චලනයට පෙර තවත් සුළු චලන කිහිපයක් සිදුවී ඇතැයි අනාවරණය වේ. දින කිහිපයක් මහනුවර හා ඒ අවට සිදුවූ භූ චලන පිළිබඳව සොයා බැලීමට නිව්ස් ෆස්ට් කණ්ඩායමක් අද එම ප්‍රදේශයේ සංචාරය කළේ ය. පසුගිය 29 වනදා සිට මේ දක්වා කාලය තුළ අවස්ථා කිහිපයකදී හාරගම, අනුරගම ඇතුළු ප්‍රදේශ කිහිපයක භූ චලන වාර්තා විය. 29 වනදා සිදුවූ භූ චලනයට පෙර තවත් චලන දෙකක් සිදුවී තිබේ. එය සටහන්ව තිබුණේ, වික්ටෝරියා ජලාශයේ ස්ථාපනය කර ඇති භූ චලන මාපකවලයි. මේ අනුව නිවුස් ෆස්ට් කණ්ඩායම අප වික්ටෝරියා ජලාශයේ වම් ඉවුරේ පිහිටි අලුත්වත්ත, අඹකොටේ ඇතුළු ගම්මාන කිහිපයක සංචාරය කළේ ය. පරිසරවේදීන් පෙන්වා දෙන්නේ වෙඩි දැමීම ඇතුළු කාරණා පිළිබඳව බලධාරීන්ගේ අවධානය ඇතැම් විට ප්‍රමාණවත් නොවන බවයි. කලින් කළ අනතුරු ඇඟවීම් ගැන නොතකා සිදුවූ විනාශයන් ගැන අත්දැකිමී අපේ රටේ ඕනෑ තරම් තිබේ. ආසනන් අත්දැකීම අප්‍රේල් 21 ප්‍රහාරය. කොමිෂන් සභාවලදී දැන් හෙළිවෙන කරුණුවලින් එය තහවුරු වෙමින් තිබේ. වික්ටෝරියා ජලාශයට මේ භූ චලන නිසා සිදුවිය හැකි අනතුරු දායක තත්ත්වය ගැන අපි මීට වඩා අවධානය යොමු කළ යුතු නොවේ ද?