මෝදිගේ ට්ව්ටර්ගිණුමට,වෙබ්අඩවියට සයිබර්ප්‍රහාරයක්

නරේන්ද්‍ර මෝදිගේ ට්ව්ටර් ගිණුම, ජංගම දුරකන යෙදවුම සහ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්

by Staff writer 03-09-2020 | 9:10 AM

COLOMBO (News 1st) -  ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නිල ට්ව්ටර් ගිණුම, ජංගම දුරකන යෙදවුම සහ වෙබ් අඩවිය ඉලක්ක කර සයිබර් ප්‍රහාරයක් එල් වී තිබේ.

මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් ට්විටර් සමාගම කියා සිටියේ ගිණුම සාමාන්‍ය තත්වයට පත් කිරීමට මේ වනවිට පියවර ගනිමින් සිටින බවයි. පසුගිය මාසයේ ද ඉන්දියාවේ ප්‍රමුඛපෙලේ පුද්ගලයින් රැසකගේ ට්විටර් ගිණුම් කිහිපයකට මෙලෙස සයිබර් ප්‍රහාර එල්ල විය. චීනය හඳුන්වා දුන් ජංගම දුරකතන යෙදුම් 118ක්, තහනම් කිරීමට ඉන්දියාව ඊයේ පියවර ගැනීමෙන් අනතුරුව මෙම සයිබර් ප්‍රහාරය එල්ල වීම විශේෂත්වයකි. ඉන්දියාව එම ජංගම දුරකතන යෙදවුම් තහනම් කළේ සිය ස්වෛරීභාවයට සහ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන බව පවසමිනි. පසුගිය ජුනි මාසයේදී ද, චීනය හඳුන්වා දුන් ටික්-ටොක් මෘදුකාංගය ඇතුළුව ජංගම දුරකතන යෙදුම් 59 ක්, ඉන්දියාව තහනම් කළේය.