by Staff writer 03-09-2020 | 5:32 PM
COLOMBO (News 1st): කහ සහ ගම්මිරිස් සඳහා ස්ථාවර මිලක් දී වගාකරුවන් රැකගත යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.
ජනාධිපතිවරයා කියා සිටියේ ජාත්‍යන්තර වෙළඳපොළ සොයා වැඩි අපනයනයක් මගින් උපරිම මිලක් ඉපැයීමට අවශ්‍ය පරිසරය සැකසිය යුතු බවයි.
උක්, බඩඉරිගු, කජු , ගම්මිරිස්, කුරුඳු , කරාබුනැටි, බුලත් ඇතුළු කුඩා වැවිලි භෝග වගා සංවර්ධනය ආශ්‍රිත කර්මාන්ත හා අපනයනය ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව අද දහවල් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී මෙම කරුණු අනාවරණය විය.
කහ සහ ගම්මිරිස් වගාකරුවන් ආරක්ෂා කිරීමට එම භෝග නිෂ්පාදන, ආනයනය මේ වනවිට සම්පුර්ණයෙන්ම නතර කර තිබේ.
එම භෝග අගය එකතු කළ නිෂ්පාදන ලෙස අපනයනට විධිමත් සැලසුම් සකස් කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වී තිබේ.
බඩ ඉරිඟු නිෂ්පාදනය සම්බන්ධයෙන් සාකච්ඡාවේදී අවධානයට ලක් වී ඇති අතර දේශීය බඩ ඉරිඟු අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා හෙක්ටයාර් එක් ලක්ෂ දස දහසක බඩ ඉරිඟු වගා කිරීමේ අවශ්‍යතාව එහිදී පෙන්වා දී තිබේ.
ඉදිරි වසර අවසානය වනවිට එම ඉලක්කය සපුරා ගැනීම රජයේ අපේක්ෂාවයි.
ගම්මාන 100 ක කහ සහ ඉඟුරු වගා කිරීමට පියවර ගෙන ඇති අතර කුරුඳුගහහැතැප්ම ප්‍රදේශයේ අපනයනය කලාපයක් ස්ථාපනය කිරීමට සැලසුම් කර ඇති බව එම සාකච්ඡාවේදී අනාවරණය විය.
කොරෝනා වසංගතයත් සමග ගුවන් ගමන් වාර සීමාවීම හේතුවෙන් බුලත් අපනයනය පහත වැටී ඇති බව මෙම සාකච්ඡාවේදී අනාවරණ වූ අතර ගුවන් සමාගම් සමග සාකච්ඡා කර ඊට විසඳුම් දෙන්නැයි, ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.