by Staff writer 03-09-2020 | 10:17 PM
COLOMBO (News 1st) : අබුඩාබිහි අවන්හලක ඇතිවූ පිපිරීම පිළිබඳ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබේ.
අදාළ නිවේදනයට අනුව පසුගිය 31 වැනිදා අබුඩාබි හි අවන්හලක පිපිරීමක් සිදුව තිබේ.
එහිදී ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු ආපදාවට ලක් වී ඇති බවට තහවුරු නොකළ තොරතුරු ලැබුණු බව තානාපති කාර්යාලය පවසයි.
එම ශ්‍රී ලාංකිකයන් පිළිබඳ තහවුරු කරගැනීම සඳහා එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් රෝහලට ගොස් තිබේ.
එහිදී අදාළ පිපිරීමෙන් තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයන් දෙදෙනාගෙන් එක් අයෙකු ඒ වන විට මියගොස් සිටි බව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.
අනෙක් පුද්ගලයා මේ වන විට රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව එහි දැක්වේ.
මේ සම්බන්ධයෙන් තානාපති කාර්යාලය සහ විදේශ අමාත්‍යංශය එක්ව කටයුතු කරමින් සිටී.
එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ නීති කටයුතු පිළිබඳ බලධාරීන් හා රෝහල් බලධාරීන් සමග ආපදාවට ලක්වූ ශ්‍රී ලාංකිකයන් සඳහා අවශ්‍ය සහය ලබාදීමට ඉතා සමීපව කටයුතු කරමින් සිටින බව ද නිවේදනයේ සඳහන් ය.