COVID-19 එන්නත ගැන අමෙරිකාව මතය

COVID-19 එරෙහි එන්නතක් සැදීමේ ගෝලීය වැඩපිළිවෙළට සහය දක්වන් නෑ - අමෙරිකාව

by Staff writer 02-09-2020 | 9:00 AM

COLOMBO ( News 1st ) : COVID-19  වසංගතයට එරෙහිව එන්නතක් නිෂ්පාදනය කිරිමේ ක්‍රියාවලියට තමන් සහය නොදක්වන බව අමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පාලනය සඳහන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වීමට අමෙරිකාව ගත් ක්‍රියාමාර්ගය හමුවේ මෙම පියවර ගෙන ඇත. මේ වනවිට ලොව රටවල් 150ක පමණ දායකත්වයෙන් කොරෝනා වසංගතය මර්දනය කිරීමේ අරමුණින් එන්නතක් නිෂ්පාදනය කිරීමේ නියැළී සිටින බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළේ ය. රුසියාව, චීනය සහ ඕස්ට්‍රේලියාව පසුගියදා කියා සිටියේ සිය රටවල් අත්හදා බලන එන්නත් සංවර්ධන මට්ටමේ තුන්වන අදියරේ පවතින බවයි. මේ වනවිට ලොව පුරා COVID-19  ආසාදිතයින් දෙකෝටි පනස් අට ලක්ෂ 99,621ක් වාර්තා වන අතර ඉන් වැඩිම ආසාදිතයින් පිරිසක් අමෙරිකාවෙන් වාර්තා වෙයි.