හෙරොයින් ජාවාරම්වලට සම්බන්ධ තවත් පිරිසක් කොටු

හෙරොයින් ජාවාරම්වලට සම්බන්ධ තවත් පිරිසක් කොටු වෙයි

by Staff writer 02-09-2020 | 3:05 PM

COLOMBO (News 1st)  : හෙරොයින් ජාවාරමට සම්බන්ධ සැකකරුන් පස්දෙනෙකු හා සැකකාරියක් දිවයිනේ විවිධ ප්‍රදේශවල කළ වැටලීම්වලදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ කළුතර උතුර , අලුබෝමුල්ල ප්‍රදේශයේ කළ වැටලීමකදී හෙරොයින් ජාවාරමට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු හඳුනා ගත් බවයි. ඔවුන් සතුව තිබී සොයා ගෙන ඇති හෙරොයින් ප්‍රමාණය ග්‍රෑම් 8 කට ආසන්න බව පොලිසිය පැවසුවේ ය. මේ අතර හෙරොයින් ග්‍රෑම් 300 ක් සමග සැකකරුවෙකු මීගමුව, දළුපොත ප්‍රදේශයේදී ද පොලිස් භාරයට ගෙන තිබේ. 43 හැවිරිදි ඔහු දළුවාකොටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ය. පොලීසිය පැවසුවේ හෙරොයින් ග්‍රෑම් 62 යි මිලි ග්‍රෑම් 350 ක් සමග 32 හැවිරිදි සැකකාරියක් මහනුවර රෝහල් පටුමගේදී අත්අඩංගුවට ගත් බවයි. ඇය මැදවච්චියේ පදිංචිකාරියක් ය. මේ අතර හෙරොයින් ග්‍රෑම් 2 යි මිලි ග්‍රෑම් 100 ක් සමග තවත් සැකකාරියක් ගල්කිස්ස, වෙඩිකන්ද ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය අද ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිත ය.