රංජිත් මද්දුම බණ්ඩාර , ආශූ මාරසිංහ ජනපති කොමිසමට

රංජිත් මද්දුම බණ්ඩාර , ආශූ මාරසිංහ ජනපති කොමිසමට

by Staff writer 02-09-2020 | 12:40 PM

COLOMBO (News 1st) : හිටපු අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර සහ ආශූ මාරසිංහ යන මහත්වරුන් අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාවේ පොලිස් ඒකකය හමුවට පැමිණ තිබේ.

ඒ, එම ඒකකය කළ කැඳවීමකට අනුවයි. කොමිසමේ නිලධාරියෙකු පැවසුවේ, අද පෙරවරු 9.40 ට පමණ ඔවුන් කොමිසමේ පොලිස් ඒකකය හමුවට පැමිණි බවයි. මීට පෙර එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ද අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකයට පැමිණියේ ය. ඒ, අදාළ සිද්ධිය සම්බන්දයෙන් කෙරෙන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ය. මේ අතර, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙන්ම හිටපු අමාත්‍යවරුන් සහ ආරක්ෂක අංශ සාමාජිකයින් රැසක් මෙම කොමිසමට ප්‍රකාශ ලබාදී තිබේ.