මට්ටක්කුලියේ රිය අනතුරකින් දෙදෙනෙකු මරුට

මට්ටක්කුලියේ රිය අනතුරකින් දෙදෙනෙකු මරුට

by Staff writer 02-09-2020 | 2:55 PM

COLOMBO (News 1st)  : කොළඹ , මට්ටක්කුලිය, මැද පාර ප්‍රදේශයේ සිදුවූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, අද උදෑසන ත්‍රීරෝද රථ දෙකක් සහ ලොරි රථයක් ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි. අනතුරින් මියගොස් ඇත්තේ, මට්ටකුලිය ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක් වන අතර ඔවුන් අතර 34 හැවිරිදි කාන්තාවක් ද සිටී. අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියැදුරා අත්අඩංගුවට ගෙන තිබේ. මේ අතර, මිනුවන්ගොඩ - දිවුලපිටිය ප්‍රධාන මාර්ගයේ මිනුවන්ගොඩ, මැඩෑමුල්ල ප්‍රදේශයේ දි අද අලුයම සිදු වූ රිය අනතුරකින් යතුරුපැදි කරුවෙකු මියගොස් තිබේ. ඔහු මිනුවන්ගොඩ, හොරම්පැල්ල , තල්ගහවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ය. අනතුර සිදුව ඇත්තේ මිනුවන්ගොඩ දෙස සිට දිවුලපිටිය දෙසට ගමන් කරමින් තිබූ ටිපර් රථයක්, ජල නල එළීම සඳහා කපා තිබූ වලකට වැටී මෙන් අනතුරුව දකුණු දෙසට ඇදීගොස් යතුරු පැදියේ ගැටීමෙන්. පොලීසිය පැවසුවේ, අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියැදුරු අත්අඩංගුවට ගත් බවයි.