තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කෙරේ

තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කෙරේ

by Staff writer 02-09-2020 | 3:42 PM

COLOMBO ( News 1st ) : මාතර, රොටුඹ, වදුරාදෙනිය ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

පොලීසිය පැවසුවේ දෙපිරිසක් අතර ඇතිවු ආරවුලක් දුරදිග යාමෙන් එම ඝාතනය සිදුව ඇති බවයි. පහර කෑමෙන් තුවාල ලැබූ පුද්ගලයා හීගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ, 21 හැවිරිදි පස්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් එලෙස මියගොස් ඇති බවයි. ඝාතනයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක බව පොලීසිය පැවසුවේ ය.